1. වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට ඔබ දායක වන්නේ කෙසේද?

පහත දක්වා ඇති වාර්තා සමග සම්පූර්ණ කරන ලද පොදු 86 ආකෘතිය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය

  • උප්පැන්න සහතිකයේ මුල් පිටපත
  • කලත්‍රයාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත(විවාහක නම්)
  • ළමුන්ගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත් හා විවාහ සහතිකයේ මුල් පිටපත

2. විශ්‍රාම වැටුප සදහා සුදුසුකම් ලබන්නේ කෙසේද?

  • ස්ථිර විශ්‍රාම වැටුපට හිමිකම් ඇති කනතුරක මාස 120ක අඛණ්ඩ සේවා කාලයක් තිබිය යුතුය.

3. වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප ලබා ගන්නේ කෙසේද?

  • විශ්‍රාමිකයාගේ වැන්දඹුව/වැන්දඹු පුරුෂයා වයස අවුරුදු 26ට අඩු සේවා වියුක්ත අවිවාහක ගැහැණු දරුවන්, වයස අවුරුදු 26ට අඩු සේවා වියුක්ත පිරිමි දරුවන්ට ලබාගත හැක.

4. මරණ පාරිතෝෂිකය සදහා සුදුසුකම් ලබන්නේ කෙසේද?

  • මාස 60ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ වූ ස්ථිර විශ්‍රාම වැටුපකට හිමිකම් ඇති නිලධාරියෙකුගේ අභාවයෙන් පසු මරණ පාරිතෝෂිකය ලබා ගැනීමට ඔහුගේ යැපෙන්නෙකුට සුදුසුකම් ඇත.

5. පරිවර්තිත පාරිතෝෂිකය යනු කුමක්ද?

  • පරිවර්තිත පාරිතෝෂිකයක් අඩු නොකළ මාසික විශ්‍රාම වැටුප මෙන් 24 ගුණයකට සමාන වේ.

6. අඩු නොකළ විශ්‍රාම වැටුප යනු කුමක්ද?

  • විශ්‍රාම පාරිතෝෂිකය විශ්‍රාමිකයා විසින් ලබාගත් පසු එය වසර 10 ක කාලයකින් සමාන වාරික වලින් අඩුකරනු ලබයි. අඩු නොකළ විශ්‍රාම වැටුප වසර 10කින් පසු විශ්‍රාමිකයාට ගෙවනු ලබයි.

7. විශ්‍රාම වැටුප් ප්‍රධානපත්‍රය යනු කුමක්ද?

  • නිළධාරියෙකු විශ්‍රාම ගන්නා අවස්ථාවේදී ලබා දෙන ලිපියකි. මෙය සෑම විශ්‍රාමිකයෙකුටම නිකුත් කරනු ලබයි.

Pension Payment Date

News & Events

Scroll To Top