අපගේ දැක්ම

සෞභාග්‍යමත් යක්කලමුල්ල

අපගේ මෙහෙවර

දූෂණයෙන් තොර, කාර්යක්ෂම හා සඵලදායී පාලනයක් තුලින් ජීවනෝපාය සහ යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය සහ මූල්‍ය  කලමනාකරණය, පාරිසරික සංරක්ෂණය, ඉඩම් හා ආපදා කළමනාකරණය, සමාජ සුභසාධනය හා සමාජ සංවර්ධනය

හැදින්වීම

ගාල්ල දිස්ත්‍රික්කයේ ගිණිකොණ කෙළවරෙහි දිස්ත්‍රික් මායිමහි යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. මෙම කොට්ඨාශය තල්පෙ පත්තුව උතුර ලෙස හැදින්වේ. නැගෙනහිර දේශාංශ 800 171 හා 800 261 අතරද, උතුරු අක්ශාංශ 60 31 හා 60 101 අතර යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. උතුරින් නාගොඩ ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශයද, ඊසාන හා නැගෙනහිරින් මාතර දිස්ත්‍රික්කයෙන්ද, දකුණින් හා නිරිත දෙසින් ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයද, බටහිරින් අක්මීමන හා බද්දෙගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයද මායිම් වේ. යක්කලමුල්ල යනු පසුකාලීනව සෑදුන නමක් වේ. එනම් පැරණි ගම්මාන කිහිපයක් වන තෙල්ලඹුර, කොට්ටව, පොල්පගොඩ හා උඩුමලගල යන් ගම්මාන යා කර ඇති කල යාකලමුල්ල පසු කාලීනව යක්කලමුල්ල වු බව ජනවහරට එක්ව ඇති බව පැවසේ.

 පෞරාණික වටිනාකමින් යුත් මෙම කොට්ඨාශයේ පිහිටා ඇති උඩුමලගල විහාරස්ථානය වසර සියයකට වඩා පැරණිය. මෙම විහාරස්ථානයේ පිහිටි චෛත්‍ය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස සංරක්ෂණය කර ඇත. මෙම විහාරස්ථානය පොළොන්නරු යුගයේ ආරම්භ වී ඇතැයි සැලකේ. වල්පල ශ්‍රී ගෞතමාරාම පුරාණ විහාරස්ථානය ඉහළ වල්පල  ප්‍රාදේශයේ පිහිටා ඇති මෙම විහාරස්ථානය නුවර යුගයට අයත් යැයි සැලකේ. බුද්ධ ප්‍රතිමාව හා චිත්‍ර ශෛලමය ආසනය ගල් කණු පොහොය සීමාව පුස්කොල පොතේ ලියන ලද ජාතක කථා වස්තුව මෙහි පෞරාණික ලක්ෂණ ලෙස දැක්විය හැකිය. බදුන්ගල ගල්ලෙන වර්ෂ 2008දී බදුංගල ග්‍රාම නිලධාරී වසමේන් සොයා ගත් ගල් ලෙන ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යැයි සැලකේ. මේ පිළිබද පරීක්ෂණ පවත්මින් පවතී.

ආයතනයේ විකාශනය.

වත්මන් පරිපාලන වි්‍යුහය තුල කුඩාම පරිපාලන ඒකකය වන ග්‍රාම නිලධාරී වසමයි, යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල වර්ෂ 1981දී වසම් 13ක් වන අතර වර්ෂ 1997දී වසම් 44ක් බවට විකාශය විය. ගම්මානයක් හෝ කිහිපයක එකතුවක් ලෙස ග්‍රාම නිලධාරී වසම නිර්මාණය වී ඇත. කොට්ශාශයේ පිහිටි ග්‍රාම නිලධාරී වසම් 44 තුල ගම්මාන 122ක් පිහිටා ඇත.

කාර්යාලයේ ආරම්භය.

තල්පෙපත්තුව උතුර උප දිසාපති කොට්ඨාශය ලෙස පැවති මෙම කොට්ඨාශය 1973 දී යක්කලමුල්ල ප්‍රාදේශීය උප දිසාපති කාර්යාලය සඳහා 1972  ජුලි 17 වන දින සුභ මොහොතින් මුල්ගල් තබා මෙම පැරණ ගොඩනැගිල්ල ඉදිකිරීම අරම්භකර  ඇත. පසුව රාජ්‍ය පරිපාලන, පළාත් පාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය ෆීලික්ස් ආතර් ඩයස් බණ්ඩාරනායක මැතිතුමා විසින් 1973 මැයි මස 11 වන දින උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.

මෙම කාර්යාලයේ පළමු උපදිසාපති වුයේ එස්. විතානගේ මහතාය.

පසුව පරිපාලනය ගමට ගෙනයාමේ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව 1992.10.12 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වශයෙන් නමි කරනු ලැබූ අතර ස්වදේශ කටයුතු ඇමතිනණී අමරා පී. රත්නායක මැතිණිය විසින් විවෘත කරන ලදි. ප්‍රථම ප්‍රාදේශීය ලේකම් වුයේ කේ.සමරසිංහ මහතාය.

>>යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්වන සුන්දර වන පෙත කොට්ටව  තෙත් කලාපීය වනාන්තරය පිළිබද විස්තර මෙතැනින් බලන්න.

>>කාර්යාල පිහිටීම මෙතැනින් බලන්න

1973 සිට සේවය කරන ලද උප දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්.

නම

සිට

දක්වා

එස්. විතානගේ මයා

1973.05.11

1974.07.01

යූ.සේනානායක මයා

1974.07.01

1978.02.12

එච්.එල්.ගුණවර්ධන මයා

1978.02.12

1991.03.15

කේ.සමරසිංහ මයා

1991.03.15

1992.01.30

ඒ.කේ.සිරිසේන මයා

1992.01.30

1992.07.22

ඩබ්.ඩී.ගුණතිලක මයා

1992.07.22

1994.09.16

විජිත ජයසුන්දර මයා

1994.09.16

2003.03.23

එල්.පී.මාලනී මිය

2003.03.23

2005.08.16

ඩී.කේ.එස්.ජයලක්ෂ්මි මිය

2005.08.16

2005.09.02

එස්.ගාල්ලෙආරච්චි මයා

2005.09.02

2007.02.28

ජේ.වන්නිආරච්චි මයා

2007.02.28

2009.07.31

ඩීකේ.එස්.ජයලක්ෂ්මි මිය

2009.08.20

2012.07.29

පූර්ණිමා අබේගුණවර්ධන මිය

2012.08.29

2015.09.21

චන්දිම සී මුහන්දිරම්ගේ මයා

2015.10.07

 2019.10.07
ටී.ජී.ඩී.නිලංගි ඩයස් මිය 2019.10.07

2023.03.31

එල්.එන්.පියුමලී ලියනගේ මිය (වැඩ බැලීම) 2023.04.04

2024.01.16

වී.ඒ.වී.ඩී.පී.රසාංජනී මෙනවිය

2024.01.17  

යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටීමේ සිතියම මෙතනින් බලන්න

News & Events

Scroll To Top